චොපරය වැට උඩ


නෝර්වේ රාජ්‍යයේ අදිවේගී මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරකින් එක් පුද්ලපයකු බරපතල තුවාල ලැබීය.

ජීවිතයත් මරණයත් අතර සටනක නියැලුන ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරයකු  විගස එම ස්ථානයට රැගෙය ආ යුතු විය.

කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි රෝහලක සිට ඉහළට නැඟුණු හෙලිකොප්ටරයකින් වෛද්‍යවරයා තුවාලකරු සොයා ගියේය.

නියමිත ස්ථානයට ළඟා වූ හෙලිකොප්ටර් යානයේ නියමුවා විශාල ප්‍රශ්නයකට මුහුණ පෑවේය.

යානය නවතා වෛද්‍යවරු බැස්සවීමට තරම් ස්ථානයක් එහි නොවීය.

කළ හැකි අන් දෙයක් නොහැති වූයෙන් හෙලිකොප්ටර් යානය මාර්ගයේ ආරක්ෂිත වැට උඩට සමබරව නවතා තැබූ නියමුවා වෛද්‍යවරයාට එයින් බැසීමට සැලැස්වීය.