චොකා මල්ලිත් යළි රිමාන්ඩ්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී රත්නපුර කහවත්තේ ඔහුගේ වේදිකාවක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයකුට වෙඩි තබා මරා දැමීයැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ඇතුළු තිදෙනෙක් ලබන 26 වැනි දා තෙක් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා විසින් අද (20) යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

ජනපතිවරණයට දින තුනකට පෙර මෙම වෙඩි තැබීම සිදු විය. 

කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා සහ සබරගමු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ ජයකොඩි සෙසු සැකකරුවෝය.