මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනපති අපේක්ෂකත්වයට ආධාර පිණිස කහවත්තේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවට වෙඩි තබා ශාන්ත දොඩම්ගොඩ එජාප ආධාරකරු මරා දැමීයැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී), සබරගමු පළාත් සභා මන්ත්‍රී ශිරන්ත ජයකොඩි හා කහවත්ත ප්‍රා සභාපති වජිර දර්ශන ද සිල්වා ලබන නව වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
රහස් පොලිසිය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතාට පැවසුවේ මෙම සිද්ධියේ සීසීටීවී ආරක්ෂක කැමරා වීඩියෝ පටය කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අංශයට යවා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි.
රහස් පොලිසියට එම අවසරය ලැබිණි.



