චොකලට් රුසියෝ ස්විස් වැසියෝ


ලෝකයේ දිනපතාම චොකලට් කන වැඩිම පිරිස ස්විට්සර්ලන්ත වැසියන් බව සුරිච් විශ්වවිද්‍යාලයයේ ව්‍යාපාරික විද්‍යා පීඨයේ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

2012 වසරේ පැවැත්වූ මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ස්විස් මිනිසුන් ලක්ෂ 25ක් දිනපතා චොකලට් කති.

එම වසරේ එක් පුද්ගලයකු කෑ චොකලට් ප්‍රමාණය කිලෝ 12කි.

චොකලට් කෑදරකම වැඩියෙන්ම ඇත්තේ පෙම්වතුන්ටය. ඊළඟ තැනට තරුණ හා මහළු දෙපියෝ එති.

අවිවාහක අය සහ දික්කසාද පිරිස් චොකලට් කෑමට ගිජු නෙවෙති.