මහනුවර චේගිරි කන්දේ ඓතිහාසික ගල් ගුහාවක් ගල් වෙඩි කරුවන්ගේත්, නිධන් හාරන්නන්ගේත් තෝ තැන්නක් වී ඇතැයි පොලිසිය කියයි.
ගල් පර්වත එසවීම සඳහා චේන් බ්ලෝකද ගෙනවුත් නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය කියයි.
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන පවසා ඇත්තේ මෙම ස්ථානයේ බ්‍රහ්මි අක්ෂර ගල්වල කොටා ඇති බවයි.
කටාරම් කොටු ගල්ද එම පෙදෙස රක්ෂිතයක් කර එහි ඇතුළු වීම සීමා කරන ලෙස ඔහු එදා පවසා ඇත.
(ඡායාරූප චමිල් රූපසිංහ)






