චෙන්නායි පිලට ලකුණු 33 ක ජයක්


අයි. පී. එල්. තරගාවලියේ 64 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර අද (14 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 33 ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 35 කින් නොදැවී ලකුණු 58 ක් රැස්කළේ හයේ පහර 4 ක් හතරේ පහර 2 ක් ද සමගිනි.
මයික් හසී (26) සහ මුරලි විජේ (31) එක්ව චෙන්නායි පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

මෙම තරගය චෙන්නායි වල පැවැත්වීම හේතුවෙන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලේ නිත්‍ය නායක මහේල ජයවර්ධන අද කී‍්‍රඩා කරන්නේ නැත.

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 168
(මයික් හසී 26, මුරලි විජේ 31, මහේන්ද්‍ර  සිං දෝනි නොදැවී 58, රවින්ද්‍ර ජඬේජා 24, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 12, උමේෂ් යාදව් 26/2) 

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 135
(අන්මුක්ත් චන්ද් 16, ජොහාන් බෝතා 23, ඬේවිඞ් වෝනර් 44, උමේෂ් යාදව් නොදැවී 12, ඇල්බි මොර්කල් 32/2, රවිචන්ද්‍රන් අශ්වින් 19/2, ඞ්වේන් බ‍්‍රාවෝ 19/2, මෝහිත් ශර්මා 22/2)

(*)