චෙන්නායි පිලට කඩුලු 4 ක ජයක්


අයි. පී. එල්. තරගාවලියේ 26 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ චෙන්නායි සුපර් කිංස් පිල අතර අද (20 වැනිදා) පැවති තරගයේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල පරදවා කඩුලු 4 ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංස් පිල සමත්විය.

ලකුණු 20 කට කඩුලූ 3 ක් දවාගනිමින් සහ නොදැවී ලකුණු 36 ක් රැස්කරමින් දස්කම් දැක්වූ රවින්ද්‍ර ජඬේජා තරගයේ වීරයා බවට පත්විය. පන්දු 14 කින් වාර්තාවූ ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්විය.

අද තරගය සඳහා කොල්කටා නයිට්රයිඩර්ස් පිලට සචිත‍්‍ර සේනානායක කී‍්‍රඩා කළ අතර ඉනිම අවසන් වන විට ඔහු පන්දු 13 කට මුහුණ දෙමින් ලකුණු 7 ක් ලබා නොදැවී සිටියේය.  ඕවර 4 ක් යවමින් ලකුණු 18 කට කඩුල්ලක් දවා ගැනීමටද ඔහු සමත්විය.

චෙන්නායි සුපර් කිංස් පිලට කිසිදු ශ‍්‍රී ලංකා කී‍්‍රඩයෙකු ඇතුලත් නොවූ අතර සචිත‍්‍ර සේනානායක මෙම තරගයට කී‍්‍රඩා කළේ මෙය කොල්කටාවේදී පැවති බැවිනි.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලු 9 ට 119
(ගෞතම් ගම්භීර් 25, යූසෆ් පතන් 25, මනෝජ් තිවාරි 13, දේබබ‍්‍රට දාස් 19, සුනිල් නරේන් 13, රවිචන්ද්‍රන් අශ්වින් 21/2, රවින්ද්‍ර ජඬේජා 20/3)

චෙන්නායි සුපර් කිංස් පිල  ඕවර 20 කදී කඩුලු 6 ට 124
(මයිකල් හසී 40, රවිචන්ද්‍රන් අශ්වින් 11, රවින්ද්‍ර ජඬේජා නොදැවී 36)

(**)