චෙන්නායි පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට එයි


තරග 42 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්වී තිබේ. දෙවැනි ස්ථානයේ සිටි චෙන්නායි පිල තමන් සහභාගීවූ 9 වැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ලබාගත් ජයත් සමග ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය. මේ වන විට චෙන්නායි පිල තරග 10 කට සහභාගීවී ඉන් තරග 8 ක් ජයගෙන තිබේ.
විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල මේ වන විට ප‍්‍රසාද ලකුුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් තරග 10 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයග‍්‍රහණය කර තිබේ.

කෙසේ වෙතත් රාහුල් ද්‍රාවිඞ්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් පිල තරග 9 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයග‍්‍රහණය කරමින්ද, රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පිල තරග 9 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයග‍්‍රහණය කරමින්ද, ප‍්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල පසුවන බැවින් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන වලට පවතින්නේ ඉතාමත් තියුණු තරගකි.

(*)

කණ්ඩායම  තරග   ජය     පරාජය විසඳුමක් නැති ප‍්‍රසාද ලකුණු සාමාන්‍ය
චෙන්නායි සුපර් කිංග්ස් 10 8 2 0 16 +0.733
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් 10 6 4 0 12 +0.690
රාජස්ථාන් රෝයල්ස් 9 6 3 0 12 +0.577
මුම්බායි ඉන්දියන්ස් 10 6 4 0 12 +0.134
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 10 6 4 0 12 -0.102
කිංග්ස් XI පංජාබ් 9 4 5 0 8 +0.172
කොල්කටා නයිට්රයිඩර්ස් 10 3 7 0 6 0.104
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 10 3 7 0 6 0.599
පුනේ වොරියර්ස් 10 2 8 0 4 -1.433