ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 38 වැනි තරගය ලෙස චෙන්නයිහිදී අද (28 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 14 කින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කිරීමට සමත් විය.
මෙම ජයග‍්‍රහණයත් සමග චෙන්නායි පිල තරග 9 න් 7 ක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා පළමු ස්ථානයට පැමිණියේය.
ලකුණු 201 ක දැවැන්ත ඉලක්කය හඹාගිය කොල්කටා පිලට අවසන් ඕවරයේදී ලකුණු 19 ක් ලබා ගැනීමට සිදුවූ අතර දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක ක‍්‍රිස් මොරිස් යැවූ එම ඕවරයට ලබාගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.
චෙන්නායි පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි මයික් හසී පන්දු 59 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 95 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
චෙන්නායි පිල රැස්කළ මෙම ලකුණු 200 මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැුස්කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (263/5) සහ මුම්බායි ඉන්දියන්ස් (209/5) චෙන්නායි පිලට ඉදිරියෙන් සිටියි.
චෙන්නයි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 200 (රිදිමන් ෂා 39, මයික් හසී 95, සුරේෂ් රයිනා 44, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 18)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 186 (මන්වින්ඩර් බිස්ලා 92, ගෞතම් ගාම්බීර් 14, ජැක් කලිස් 19, එඔයින් මෝගන් නොදැවී 32)