චෙන්නායි ප්‍රහාරයට එරෙහිව වැලිමඩ කඩත් වසයි


චෙන්නායිහිදී භික්ෂුන් දෙනමකට පහරදීමට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයේද, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේද සහභාගීත්වයෙන් වැලිමඩ නගරයේදී උද්ඝෝෂණයක්  පැවැත්විණි.

ඊට සහාය පළ කරමින් වැලිමඩ සියලු කඩ වසා දමා තිබිණි.

උද්ඝෝෂකයෝ වැලිමඩ සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් එම් සී වීරසිංහ මහතාට සංදේශයක් ද භාර දුන්හ.