චෙන්නායි දුම්රියක බෝම්බ පිපිරේ


ඉන්දියාවේ චෙන්නායි මධ්‍යම දුම්රිය නැවතුම් පොළේ දී අද උදෑසන බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් එක් අයෙක් මිය ගොස් 14 දෙනෙක් තුවාල ලැබූහ.

චෙන්නායි නුවර මහාබෝධි මධ්‍යස්ථානයේ කලවානේ මහානාම හිමි පැවසුවේ ශ්‍රී ලංකාවේ කිසිවකු එහි නැති බවයි. මේ දිනවල ශ්‍රී ලංකා වන්දනාකරුවන් නොපැමිණෙන බව ද මහානාම හිමියෝ පැවසූහ.

ඉන්දියා ජාතික රූපවාහිනිය පැවසුවේ 24 හැවිරිදි කතක් මියගොස් නව දෙනකු තුවාල ලබා ඇති බවයි. දුම්රියේ සැඟවී සිටි පුද්ගලයකුගෙන් ප්‍රශ්න කරන බවත්, ගුවාහටි බැංගලෝර් ශීග්‍රඝාමී දුම්රිය දුම්රිය පොළේ නතර කළ ගමන්ම අද උදේ 7.15ට පමණ බෝම්බ පිපිරී ගොස් ඇතැයි ද ඉන්දියා ජාතික රූපවාහිනිය කියයි.

එක්බෝම්බයක් කාන්තාවක වාඩිවී සිටි ආසනයක් යට පිපිරීමෙන් එහි විඩි වී සිටි ස්වාති නම් කත මිය ගොස් ඇත.