චෙන්නායි ගුවන් ගමන් යළි ඇරැඹෙයි


‘වර්ධා’ සුළි කුණාටුව නිසා අවලංගු වු ශ්‍රී ලංකා ගුවන් ගමන් අද (13) පෙරවරු 11.30 ට ඇරැඹිණි. මගීන් 259 දෙනෙකු රැගත් එම ගුවන් යානයට පසුව අද (13) තවත් ගුවන් යානා පහක් තමිල්නාඩුවේ චෙන්නායි නුවර බලා පියාසර කරන බව ද ශ්‍රී ලංකා ගුවන් සමාගම කියයි.

චෙන්නායි ගුවන් තලයේ කාලගුණය ඉතා යහපත් බව සමාගම පවසයි.