චෙන්නායි ගුවන් ගමන් අඩකින් කැපේ


ඉන්දියාවේ තමිල්නාඩුවේ දැනට උද්ගත වී ඇති තත්ත්වය මත චෙන්නායි සහ කොළඹ ගමනාන්තයන් අතර ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අවම වීම මත සලකා ශ්‍රී ලංකන් ගුවන් සේවය මාර්තු 21 වැනිදා සිට ගුවන් චෙන්නායි දක්වා ගුවන් ගමන් වාර ගණන අඩකින් අඩු කිරීමට යයි.

ඒ අනුව දැනට සතියකට ගුවන් ගමන් වාර 28ක් ක්‍රියාත්මක වන අතර එය 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

සංශෝධිත කාල සටහන අනුව චෙන්නායි සිට මැද පෙරදිග හා ඈත පෙරදිග ගමනාන්තයන් වෙත යන ගුවන් මගීන්ගේ පහසුව තකා කොළඔ සිට චෙන්නායි වෙත උදය හා සවස් වරුවේ දිනකට ගුවන් ගමන් වාර 02 ක් සැලසුම් කර ඇත.

අනිකුත් ඉන්දීය ගමනාන්ත  වෙත පියාසර කරන ගුවන් යානා සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මෙම තත්වය තවදුරටත් නිරීක්ෂණය කර වෙනස්වීම් වලට උචිත පරිදි කටයුතු කරන බවද නිවේදනය කරයි.