චෙන්නායි කී‍්‍රඩකයෝ පළමු ඉලක්කය ජයගනිති


ඉන්දීය ප‍්‍රධානතම කි‍්‍රකට් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ තරග 13 ක් අවසානයේදී පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ තරග කරන චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්ව සිටී.

අයි. පී. එල්. තරගාවලියේදී කණ්ඩායමක් තරග 16 කට මුහුණ දිය යුතුවන අතර මෙතෙක් ලබා ඇති ප‍්‍රසාද ලකුණු අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම් හතර අතරට එක්වීම සඳහා මුම්බායි ඉන්දියන්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතර ඇත්තේ තියුණු සටනකි.

මහේල ජයවර්ධන නායකත්වය දරන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙෂ පත්කෙරුණු පූනේ වොරියර්ස් කණ්ඩායම් වලට අවසන් වටය සඳහා පිවිසීමේ කිසිදු අවස්ථාවක් ඉතිරි වී නැත.

ඊයේ (11 වැනිදා) වන විට පැවැති තරග ප‍්‍රතිඵල අනුව ප‍්‍රසාද ලකුණු පුවරුව පහත දැක්වේ.