දස මාසයකට පෙර මහජන බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ ටෙලර් යන්ත්‍රය කඩා රුපියල් විසිපන් ලක්ෂයක් පැහැරගත් බව කියන තිදෙනා රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ. බැංකුවෙන් සොරාගත් චෙක් පොතක් නිසා ඔවුන් අල්ලාගත හැකිවිය. බැංකු ගනුදෙනුකරුවකුට නිකුත් කිරීමට තිබූ චෙක් පොතක් සොරාගත් එම තිදෙනාගෙන් කෙනකු ලියූ චෙක්පතකට හොර අත්සන් ගසා ගනුදෙනුවක් කර ඇත.

