යාපනය චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත ඒවා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද උතුරු පළාත් සභාවට නියෝග කළේය.
එම විදුලි බලාගාරය නිසා ළිං වලට තෙල් සහ ග්‍රීස් එක් වීමෙන් ජලය අපවිත්‍ර වී ඇතැයි ද, ජන ජීවිතයට බාධා එල්ල වී ඇතැයි ද කියමින් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර පෙත්සම විභාගය අවසන් වන තෙක් චුන්නාකම් විදුලි බලාගරයේ වැඩ කටයුතු වළක්වාලමින් අතුරු නියෝගය නිකුත් කෙරිණි.
ප්‍රියසාත් ඩෙප් සහ බුවනෙක අලුවිහාරේ යන මහත්වරුන්ගෙන් යුත් ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද පෙත්සම කැඳැවිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර උතුරු පළාත් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඊ.කනගීෂ්වරන් මහතා කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් තමන්ට විරෝධතා ඇති බවයි.

