චුන්නාකම් උද්ඝෝෂණත් බෑ


දින 14ක් යන තුරු යාපනය චුන්නාකම් පොලිස් වසමේ උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීම මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (26) තහනම් කළේය.

යාපනය මහජන බලය සංවිධානය එවැනි පෙළපාළියක් පවත්වන්නට යතියි පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ඒ බව අධිකරණයට දැනුම් දී තහනම් නියෝගය ගෙන ඇත.

මීට පෙර යාපනය පොලිස් බල ප්‍රදේශයේ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කරමින් එවැනිම නියෝගයක් නිකුත් කැරිණි.