චුන්නාකම් මිනිහා සෞදියෙදි හුණු ගා ගනී


ඉන්දියානු කාන්තාවකගේ ගුවන් ගමන් බලපතක් භාවිතා කරමින් සෞදි අරාබිය හරහා   ඉතාලි යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෙක් සෞදි අරාබියෙන් පිටුවහල් කොට යළි ශ්‍රී ලාංකාවට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි  34 හැවිරිදි තරුණයෙකි.

ඔහු මීට දින දින පහකට පෙර එනම් පසුගිය 18 වෙනිදා තම වලංගු ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කරමින් මෙරට සිට සෞදි අරාබිය වෙත ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

පසුව ඔහු එහි දින  කිහිපයක් ගතකොට හිතවතෙකු මාර්ගයෙන් ලබාගත් වෙනත් ගුවන්ගමන් බලපත්‍රයකින් සෞදි අරාබියේ සිට ඉතාලිය බලා යාමට උත්සහ කරද්දී  සෞදි බලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ මිතුරා විසින් ලබා දුන් ගුවන්ගමන් බලපත්‍රය ඉන්දියානු කාන්තාවකගේ බවත් එයට ඔහුගේ  පින්තූර අලවා තිබු බව විමර්ශණ වලදී  හෙළි වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද මුලික පරීක්ෂණ වලින් අනතුරුව සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.