කොළඹ කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 1380ක් වටිනා චීස් පැකට් දෙකක් සොරකම් කළැයි රිමාන්ඩ් බාරයේ සිටි වාද්දූවේ තරුණයකු රුපියල් 50000ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
සොරකමට වදර පිළිගත් ඔහු එම භාණ්ඩවල මිල ගෙවීමට ද බාර ගත්තේය.
ඔහුගේ ඇඟිලි සලකුණු ගන්නා ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.