චීනුන් තිදෙනෙක් හිරේ:බර දඩයකුත් ගහයි


පසුගිය වසරේ මැයි මාසයේ කොල්ලුපිටියේ පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් දත්ත සොරකම් කළ චීන ජාතිකයන් තිදෙනකුට කොළඹ මහාධිකරණය  සිව් වසරක සිර දඬුවම් පමුණුවා රුපියල් අට ලක්ෂයක දඩද නියම කළේය.

ලෑං මිං ,ඩෙන් හුවා ජුං හා වෙං මිං ට මෙම දඩ නියම කරන ලද්දේ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසිනි.

විද්‍යුත් උපකරණ පාවිච්චි කරමින් ටෙලර් යන්ත්‍ර දත්ත සොරකම් කිරීමට උත්සාහා කිරීමට ඔවුන් වරඳ පිළි ගත්හ.

ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් ළග තබා ගත් ලෑං ට හා වෙං ට අතිරේක වසරක(බරපතල වැඩ සහිත ) සිර දඩුවමක් ද  රුපියල් තුන් ලක්ෂය බැගින් දඩ ද නියම විය.