චීනාගෙන් ප්‍රශ්න කරයි


(යොහාන් භාසුර)

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුලු වූ චීන ජාතිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් අද පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ පස්වරුවේ අදාල චීන ජාතිකයා බත්තරමුල්ලේ පිටිහි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ප්‍රශ්න කිරීම ආරම්භ කළ බවත් ප්‍රශ්න කිරීම තවමත් ක්‍රියාත්මක බවත්ය.

චීන භාෂා පරිවර්ථකයෙක් ද යොදාගෙන එම ප්‍රකාශය ගැනිමන් සිටින බව ද ඉලුක්පිටිය මහතා වැඩි දුරටත් කීය.