චීනා අන්දන්න බැරි වේ


චීන සංචාරකයකුගේ ඩොලර් දහසක් (රුපියල් 132000ක්) වංචා කළැයි සැකපිට සංචාරක මග පෙන්වන්නකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

කොළඹ හෝටලයක නැවැතී සිටියදී චීන ජාතිකයාට හමුවූ සංචාරක මග පෙන්වන්නා ඔහු ත්‍රීරෝද රියක නංවාගෙන ගොස් නැවත හෝටලයට රැගෙන ආ අවස්ථාවේ ඊට ගාස්තු ලෙස ඩොලර් 1200ක් (රුපියල් 158400ක්) ලබා ගෙන ඇත. එය අසාධාරණ මුදල් බවට සැක සිතී වෙනත් සංචාරක මග පෙන්වන්නකුට ඒ බව පැවසූ පසු සැකකරු ඩොලර් 200ක් (රුපියල් 26400) නැවත ලබා දී ඉතිරියෙන් ඩොලර් සියයක් (රුපියල් 13200) තම ගාස්තුව බවත්, ඉතිරි ඩොලර් 900 (රුපියල් 118800) ත්‍රීරෝද රථ ගාස්තුව බවත් පවසා මග හැර ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය අධිකණයට දැන්වීය.