(ගයාන් සූරියආරච්චි)
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි කළ චීන ජාතිකයකු අද (12) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍ර දේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි චීන ජාතිකයෙකි.
සැකකරු මීට වසර 8 කට පමණ පෙර ලංකාවට පැමිණ මෙරට වැඩබිම්වල සේවය කර ඇති අතර සැකකරු චීන ජාතිකයන්ට පමණක් කසිප්පු අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.