මේ වසරේ මුල් කාර්තුවේදී චීන සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් ඉහළ ගිය බව රජයේ සංඛ්‍යා ලේඛන කියයි.
එය ගිය වසරට වඩා සියයට 56.6ක වර්ධනයකි.
ගිය වසරේ 5334ක් වූ චීන සංචාරකයන්ගේ ගණන මේ වසෙර් 8356.
නැගෙනහිර ආසියාවෙන් ශ්‍රී ලංකාවට ආ වැඩිම පිරිස චීනයෙනි.
දෙවැනි තැනට පත්වී සිටින්නෝ ජපාන සංචාරකයෝය.
මේ වසරේ චීන සංචාරක නියෝජිතයන් සියයකට අනුග්‍රහය දැක්වීමට රජය සැරැසෙයි.
ගිය වසරේ දස ලක්ෂයක සංචාරක ඉලක්කය සපුරා ගත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මේ වසරේ ලක්ෂ දොළහමාරක් ආකර්ශනය කර ගැනීමට සැරැසෙයි.