(අමදෝරු අමරජීව)
චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි දෙකක කපා යකඩ තහඩු ඉවත් කළ අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව චීනවරාය පොලිසිය පවසයි.
දැනට මෙම තෙල් ටැංකි ලංකා ඉන්දීය තෙල් සමාගම්( අයි.ඕ.සි) පරිශ්‍රයේ පිහිටා ඇති අතර එම සමාගමේ ආරක්ෂක අංශය කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ටැංකිවලින් කපා ඉවත් කළ තහඩු තොගයක් ද ඒ සමඟ පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම ටැංකි දෙකට කළ හානිය රුපියල් ලක්ෂ 90 ක් පමණ වෙතැයි ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.