චීනයේ ඉහළ පෙළේ නියෝජිතයෝ පිරිසක් දිවයිනට


(විමුක්ති එස් රුද්‍රිගු)

සිනොපෙක් සමූහයේ සහ චයිනා මර්චන්ට් සමූහයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීත්වය වර්ධනය කර කරගනිමින් ඛනිජ තෙල් හා රසායනික ද්‍රව්‍ය, වෙළඳ, වරාය හා කර්මාන්ත මෙහෙයුම් අංශවල වැඩිදුර ආයෝජන සිදුකිරීමට මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබේ.