චීනය යළිත් ජනපතිට සහතිකයක් දෙයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අර්ථිකය ගොඩනැංවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ප්‍රයත්නයට චීනයේ පූර්ණ සහාය ලබාදෙන බව  චීන විදේශ කටයුතු උප අමාත්‍ය  සන් වෙයිඩොං (Sun Weidong) මහතා ජනපති හමුවේ අවධාරණය කළේය.

චීනය සහ ලංකාව  අතර ද්වීපාර්ශවික සබඳතා  වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බවද චීන විදේශ කටයුතු උප අමාත්‍ය  සන් වෙයිඩොං මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ  කොළඹ ජනාධිපති කාර්යාලයේ  පැවති සාකච්ඡාවේ දී චීන  උප ඇමැතිවරයා මෙි බව ප්‍රකාශ කළේය.