චීනය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සම්බන්ධතාව කිසිම රටකට බලපෑමක් නොවන බව ශ්‍රී ලංකාව ඉතා පැහැදිලි යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පැවති තුන්දින ආරක්ෂක සමුළුවේදී ප්‍රකාශ කළේය.
රටවල් 29 ක් මේ සමුළුවට සහභාගී වෙයි.
‘‘චීනය වසර ගණනාවක සිට ශ්‍රී ලංකා සංවර්ධනයේ පෙර ගමන් කරුවෙක්.ඒ නිසාම චීනය ලංකාවට අනවශ්‍ය බලපෑම් කරන බවට අර්ථකථනයක් ඇති වී තිබෙනවා.‘‘
ශ්‍රී ලංකා යුද හමුදාව තෙවැනිවරටත් මේ සමුළුව සංවිධානය කරයි.‘‘ ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් අභියෝග හා කලාපීය ස්ථාවරය‘‘ සමුළුවේ තේමාවයි.
යුද්ධයෙන් පසු ගත වු සිව් වසරේදී සාමය උදා වී ඇතැයිද යුද වැදී සිටි රටක් බෙහෙවින් සාමකාමී වී ස්ථාවර වී ප්‍රජාතන්ත්‍රවාදය ද ස්ථාවර වී ඇතැයි ද ආරක්ෂක ලේකම් පැවසීය.
ජාතික ආරක්ෂාවට ඇති අභියෝග හා පුළුල් වු දේශපාලන ප්‍රශ්න වලින් මතු වන භූගෝලීය තත්ත්වය ඇතුළු වත්මන් ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය අනුව රටේ අනාගත ඉරණම තිරණය වනු ඇතැයිද රාජපක්ෂ මහතා කීවේය.
‘‘ජන වර්ගය ,ආගම, කුලය හා නිජ බිම යනුවෙන් කණ්ඩායම් වලට නොබෙදී සියලු ශ්‍රී ලාංකිකයන් එක් ජාතියක් සේ එක්වී ජාතික සමගි උදෙසා ගමන් කළ යුතු යැයිද සාමකාමී හා ස්ථිරසාර හා වේගයෙන් වැඩී යන ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ මේ සියලු දෙනාට යහපත් අනාගතයක් උදා කර ගත හැකියි.
යුද්ධය දැන් අවසන් වී ඇත‘‘.
‘‘ප්‍රජාතන්ත්‍රවාදය යළි පණ ගැන්වීම ඉටුකැර ගෙන ඇත්තෙමු.
පසු ගැටුම් මානසිකත්වයෙන් මිදි පරණ දේවල් දිගටම අල්ලාගෙන නොසිට ඉදිරිය බලා ගමන් කළ යුතුය.‘‘
‘‘ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සුළු දේශපාලන වාසි තකා බෙදී වෙන් වීමේ දේශපාලයෙන් ඈත් විය යුතුයි.‘‘
‘‘අද අප මුහුණ පාන ලොකුම අභියෝගය ආර්ථික සංවර්ධනයයි , යුද්ධයෙන් පස්සට ගිය රට ඉදිරියට ගැනිමයි.‘‘
‘‘ 2009 දී යුද්ධය අවසන් වුවත් ත්‍රස්තවාදය යළි මතු වීමේ තත්ත්වය තවමත් තිබේ.‘‘
‘නෙදියවන්ගේ නායකත්වයෙන් නෝර්වේ රාජ්‍යයෙහි දෙමළ සම්බන්ධිකරණ කමිටුවත්, රුද්‍රකුමාරන්ගේ නායකත්වයෙන් එතෙර පිහිටුවාගත් දෙමළ ඊලාම් රජයත්, විනයාගම්ගේ නායකත්වයෙන් ප්‍රංශයේ පිහිටි කොටි මුලස්ථානයත් ,එමානුවෙල් පිය නමගේ ඊනියා ජගත් දෙමළ සංසඳය සමඟ එක්වී ක්‍රියා කරනවා.ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමයි. දෙමළ ඊලාම් වෙනම රාජ්‍යයක් පිහිටුවීමයි.‘
‘‘ශ්‍රී ලංකාවේ ත්‍රස්ත්‍රවාදය යළී නැගී සිටීම වැළැක්විමට රජය සියලු පියවර ගන්නවා.මීට පෙර කැරැළිවලට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම්වලින්ද තර්ජන එල්ල වී තිබෙනවා. ඔවුන් මිනිසුන් වාමාංශික දේශපාලනයට උසි ගන්වනවා. විවිධ හේතු මුවාවෙන් නොයෙකුත් තාලේ විරෝධතාවලට සිසුනට හා මහජනයාට උඩ ගෙඩි දෙනවා.‘‘
‘‘ජනවාර්ගික කොටස් අතර ජාති වාදය වැඩි වීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා. ඇතැම් විදේශ කණ්ඩායම් ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් ජගත් මුස්ලිම් ප්‍රජාව සමඟ එක් විය යුතුයැයි කියනවා.‘‘
‘‘ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපයේ ආරක්ෂාව පවත්වාගෙන යාම තවත් ප්‍රශ්නයක් ?‘‘
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තිබෙනවා.මාධ්‍ය නාලිකා පුවත්පත් වෙබි අඩවි නිදහසේ ක්‍රියාත්මක වෙනවා.හොරෙන් බොරු ප්‍රචාර ගෙන යන අයත් සිටිනවා.‘‘