චීන-ලංකා මංගල ගුවන් ගමන 10 වෙනිදා


එයාර්  චයිනා ගුවන් සේවය චීනයේ  චෙන්ග්දු   ගුවන්තොටු‍පළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ  දක්වා  ගුවන් ගමන් අරඹමින් සී.ඒ 425 දරණ  මංගල ගුවන් යානය පෙබරවාරි 10 දින රාත්‍රී 9.50 ට මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත.

 ඒ අනුව ලබන 10 වෙනිදා සිට  සතියකට සෘජු   ගුවන් ගමන් වාර 4  ක් මෙරටට පැමිණීමට නියමිතය.

චීන මහජන ජන රජයේ ජාතික ගුවන් සේවය එයාර් චයිනා ගුවන් සේවයයි.

ජෙට්වින්ග් සමාගම මැදිහත්ව මෙහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

 මේ වෙනුවෙන් සමාරම්භක උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැත්වෙන අතර චීන නියෝජිත පිරිසක්ද  එම අවස්ථාවට මෙරටට පැමිණීමට නියමිතය.

වරාය  හා  ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද මෙම අවස්ථාවට පැමිණීමට නියමිතය