චීන රූමතියෝ මත්තලින් යති


 දිවයිනට පැමිණි විශ්ව චීන රූ රුජිණ තරගාවලියේ අවසන් වටයේ රූමතියෝ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොස් එහි ඇති පහසුකම් පිළිබඳ  දැක බලා ගැනීමෙන්  අනතුරුව   දිවයිනෙන් පිටත්වුහ.

එහිදී ගුවන්තොටුපොළ නිලධාරිනියෝ  නෙළුම් මල් පොකුරක් බැගින් පිරිනමා  ඉතා උනුසුම් අන්දමින් ඔවුන් පිළිගත්හ. 

චීන යුවතියෝ   බදු රහිත වෙළඳ සංකීර්ණය වෙත ගොස් විවිධ භාන්ඩ මිලදී ගත් අතර පසුව  ව්‍යාපාරික පන්තියේ  පර්යන්තය ඇතූළු  විවිධ ස්ථාන නැරඹූහ.

සමුගැනීමට මොහොතකට පෙර  ගුවන්තොටුපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩෙරික් කරුණාරත්න මහතා ඇතුළු අළෙවි කළමනාකරණ අංශයේ   නිලධාරීන්   විසින් විශේෂ සමරු තිලිණය බැගින් ඔවුනට තිලින කළහ.

එහිදී බොහෝ චීන යුවතියෝ පැවසුවේ  ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක් බැවින්  මෙරට ජීවත් වීමට කැමති බවයි. එලෙසම ශ්‍රී ලාංකිකයෝ නිතරම සිනහවෙන් සතුටින් සිටීම  තම සිත් ගත් බවත් කීහ.

ලබන සැප්තැම්බර් මාසයේ චීනයේ ෂැංහායි නුවරදී පැවැත්වෙන චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ දී කිරුළ හිමිකරගන්නා රූමතිය චීන ශ්‍රී ලංකා සංචාරක තානාපතිනිය ලෙස නිල වශයෙන් නම් කෙරෙන අතර  ඇය විසින් මෙරටට චීන සංචාරකයින් ගෙන්වා ගැනීමට  කටයුතු කරනු ඇත.

එහිදී ඇය  විසින් චීන සංචාරකියන් ගෙන්වා ගැනීමේදී විශේෂ පහසුකම් සහිත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවත මෙන්ම  මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද භාවිතා කිරීමටද චීන සංචාරකයින් දැනුම්වත්  කෙරෙනු ඇතැයි අපේක්ෂා  කෙරේ.

චීන විශ්ව රූ රැජිණ  තරගාවලියේ එක් අංගයක් ලෙස මෙරටට පැමිණි චීන රූමතියෝ දින හයක් මෙරට ගත කරමින් සීගිරිය, පොලොන්නරුව යන ඓතිහාසික ස්ථාන නරඹමින්ද, මින්නේරිය වන ජීවී අසිරිය  විඳමින්, දේශීය ආහාර පාන පිළිබඳ දැනුම ලබාගත්හ.

චීන රූමතියන්ගේ ශ්‍රී ලංකා සංචාරය සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබීය.

 3 4 5 6 10 12 15 16 17    DSCF9165 DSCF9208