(යොහාන් භාසුර)
මෙවර චීන අලුත් අවුරුදු උත්සවය "නයාගේ වසරේ" වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, නැටුම් ගැයුම්, හරස් කතා, හාස්‍යජනක කෙටි නාට්‍ය, ප්‍රාදේශීය ඔපෙරා, සටන් කලා අංග සහ මැජික් සංදර්ශන සමගින් අද (28) පැවැත්විණි.
ගෝලීය ප්‍රේක්ෂකයින් සමග අවුරුදු උත්සව වාතාවරණය මධ්‍යයේ ප්‍රීතිමත් සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද මෙයින් සමරයි.
එම ප්‍රසංගය චීන මාධ්‍ය සමූහයේ විකාශන වේදිකා සහ චීනය පුරා විවිධ නගරවල ඇති විශාල අතිශය අධි-විභේදන තිර ඔස්සේ ද සජීවිව විකාශනය කෙරුණි.
මෙවර වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය සඳහා පළමු වරට දෘෂ්‍ය ආබාධිත හා ශ්‍රව්‍ය ආබාධිත සහිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ විකාශන අවස්ථා සැකසීම ද විශේෂත්වයකි.