චීන නැවියා සැකපිට
එම් 16 රයිපලයකින් නිකුත්කළ පතුරොම්කොපු තොගයක් කොළඹ වරාය අසල බෝට්ටුවකින් සොයා ගැනීමත් සමග චීන නාවිකයකු අත් අඩංගුවට ගත් නාවික හමුදාව ඔහු පොලිසියට බාරදුන්නේය. චීන ජාතිකයා තායිවාන ධීවර බෝට්ටුවක කපිතාන් වරයා බවත් එය ඕමාන ධජය යටතේ යාත‍්‍රාකැර ඇති බවත් හිස් පතුරොම් කොපු සමග කොළඹ වරායට ඇතුළුවී ඇති බවත් කියති.

