දෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජිංපිං මහතා අද (16) පෙරවරු 11.30ට ශ්‍රී ලංකාවට සැපත් වේ.
චීන නායකයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරනුයේ වසර 28කට පසුවය.
රුපියල් කෝටි 39600 පමණ ආයෝජන ද රැගෙන එන චීන ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති සමඟ ද්වී පාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අඩු ගණනේ දෙරට අතර ගිවිසුම් 20ක් පමණ ඇති කර ගැනීමට ද යයි.
චීන ජනපති, ජනපති ආර්යාව හා නියෝජිත පිරිස කටුනායක දී රතු පලස එළා හරසරින් පිළිගැනීමට සියල්ල සූදානම් කර ඇත.
ගාලු මුවදොරත් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වේ. ඒ නිමිත්තෙන් අදත් හෙටත් කොළඹ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කැරේ.
චීන ජනපති ෂී ජිංපිංගේ ඡායාරූපය වෙනුවට හිටපු ජනාධිපති හූ ජිංටාඕ මහතාගේ ඡායාරූපය අද ලංකාදීප පත්‍රයේ පළවූයේ ප්‍රමාද දෝෂයකිනි.

