ලංකා ඉතිහාසයේ සුවිසල් ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද (17)ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා චීන ජනපති ෂි ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මහජන සමුහ ආණ්ඩුවේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම හා ඇති කැර ගත් අවබෝධතා ගිවිසුමක් අනුව හෙක්ටයාර 233ක නොඅඩු භූමි ප්‍රමාණයක් ගාලු මුවදොරට ආසන්න මුහුදු සීමාවේ ගොඩ කැර නව නගරය ඉදි කැරේ.
හෙක්ටයාර් 170ක් ගොඩනැගිලි ඉදි කැරෙන අතර ඉතිරි ප්‍රදේශය ජල,මං මාවත් උද්‍යාන වෙනුවෙන් වෙන් කැර ඇත.









