චීන ජනරාල් ජෙට් ඇණිය පිරික්ෂයි


දිවයිනට පැමිණි චීන රජයේ මධ්‍යම ආරක්ෂක කමිටුවේ උප සභාපති   ජෙනරල් සුකී ලියෑන් මහතා ඇතුළු ඉහළ පෙළේ චීන දුත පිරිස  මහනුවර බලා පැමිණි  අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සිගිරිය  කඳවුරේ අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් චන්න ගුණතිලක මහතා විසින් පිළිගනු ලැබීය.

මෙම පිරිස පෙරේදා ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීන වරාය කඳවුරේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකකින් මහනුවර වෙත පැමිණි සිටියහ.

ඔවුහු ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව   කටුනායක පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලික කඳවුරට පැමිණියහ.

එහිදී එම කඳවුරේ අණ දෙන නිලදාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ විසින් පිළිගනු ලැබීය.

අනතුරුව  ඔවුහු අංක 05 ප්‍රහාරක ජෙට් බළඝනයෙහිද නිරීක්ෂණ චාරිකාවකට එක්වුහ.