සූක්ෂම ලෙස සඟවා රුපියල් එක්කෝටි දාසය ලක්ෂයක මැණික් චීනයේ ෂැංහයි නුවරට හොරෙන් රැගෙන යාමට අද (21) අලුයම චීන කතක ගත් උත්සහය රේගුවේ උකුසු ඇසින් වැළකී ගියේය.
සංචාරක නියෝජිතවරියක සේ හඳුනාගත් මෙම කත රැගෙන යාමට තැත්කළ පඩියන්, ආර් නූල, මර කත, ගෝමේද, නිල් කැට,රතුකැට,වෛරෝඩි,පසිංගල් ආදිය රාජසංතක කළ රේගුව තුන් ලක්ෂයක දඩ නියම කළේය.
දඩය ගෙව් ඇය අද උදෑසන චීනය බලා පිටත්ව ගියාය.මෙම කත 15 වරක් ලංකාවට පැමිණ ඇතැයිද රේගුව කියයි.
ඇය මුදල් ගෙන යන බවට රේගුවට ලැබුන ඔත්තුවක් මත ඇය අත් අඩංගුවට ගෙන තිබේ.