
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සංචාරයක් සඳහා පැමිණ සිටින චීන ජාතික කාන්තාවක් පැහැරගෙන ගොස් ඇය මුදා හැරීම සඳහා යුවාන් 15,000ක කප්පම් ඉල්ලා සැඟව සිටි චීන කාන්තාව කොල්ලුපිටියේ පිහිටි ඇස්ටෝරියා මහල් නිවාස සංකීර්ණයේ නිවාසයකදී හොයා ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
මෙම නිවාස සංකීර්ණය චීන ජාතිකයන් පදිංචිව සිටින එකක් යැයි ද කියති මෙම චීන ජාතික කාන්තාව තමාව කිසිවකු පැහැරගෙන ගිය බවක් සහ ඇයට යම් කරදරයක් සිදු වූ බවට ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම චීන ජාතිකකාන්තාවගේ ඥාති සහෝදරයෙක් චීනයේ සිට ඇයට යම් කරදරයක් සිදුවී ඇතැයි කියමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාට දුරකථනයෙන් කතා කර තොරතුරු දැනුම් දී තිබෙන බව දැනගන්නට ලැබුණු බව එම උසස් පොලිස් නිලධාරියා කීය
මෙම චීන ජාතික කාන්තාව ඇය පැහැරගෙන ගිය බවට හෝ වෙන යම් කරදරයක් සිදු වූ බවට ප්‍රකාශයක් කිරීමෙන් වැළකී ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ද කැමැත්තක් දක්වා නොමැති බව පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
මෙම චීන ජාතික කාන්තාවයළි ඒ රටට යෑමට කැමැත්තක් දක් වන්නේ නම් ආරක්ෂිතව ඇය කටුනායක ගුවන් තොටුපොළට දක්වා රැගෙන යන බව චීන තානාපති කාර්යාලයේ බලධාරීන් පැවසීම නිසා පොලිසිය ඇය එම නිලධාරීන්ට භාර දී තිබේ.

