ඔක්තෝබර පස් වැනි දා සිට 30 වැනි දා දක්වා චීනයේ සංචාරයකට යෑම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට අද (3) අවසර ලබා දුන්නේය.
චීනයේ ආරක්ෂක සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ලැබුණු ආරාධනාවකට එහි යාමට අපේක්ෂා කරන බැවින් ගුවන් ගමන් බලපත නිදහස් කරන ලෙස රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
විදෙස් ගමන් බලපත තාවකාලිකව මුදා හළ මහේස්ත්‍රාත්වරයා ගෝඨාභය රාජපක්ෂට රුපියල් පනස් ලක්ෂයක අමතර පෞද්ගලික ඇපයක් ද නියම කළේය.