චීන අවන්හලක ජීවී පොකිරිස්සන්


සජීවී පොකිරිස්සන් තොගයක් තබාගෙන සිටි චීන අවන්හලක් වටලා එය පවත්වාගෙන ගිය චීන ජාතිකයින්ට විරුද්ධව පියවර ගත් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය  කළ වැටලීමකදී සොයාගෙන ඇති පොකිරිස්සන් තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂයක් පමණ වන බවත් බලපත‍්‍ර රහිතව තබාගෙන සිටි මුහුදු කූඩැල්ලන් තොගයක් ද අත්අඩංගුවට ගත් බවත් එහි කොළඹ දිස්ත‍්‍රික් විමර්ශන නිලධාරී රෝහිත අන්ස්ලම් මහතා කියයි.

ධීවර හා ජලජ සම්පත් පනත යටතේ පෙබරවාරි, මාර්තු සහ ඔක්තෝබර් මාස වල පොකිරිස්සන් ඇල්ලීම හා ළඟ තබාගැනීම තහනම් කර තිබිණි.