මත්තල ගුවන්තොට, සූරියවැව ක්‍රීඩාංගණය හා කොළඹ වරාය නගරයේ උප කොන්ත්‍රාත්කරුවකුගේ බිල් ගෙවී යැයි කියන තර්ඩ් හයිවේ ඉංජිනියරින් කොපරේෂන් සමාගමේ අධ්‍යක්ෂකගේ විදේශ ගමන් බලපත්‍රය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද (30) තහනම් කැරිණි.
හායි සෙයි ඉදිකිරීම් සමාගමේ චන්දන පුෂ්පලාල් රහස් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. රහස් පොලිසියට පැමිණිලි කර ඇත්තේ බාරදුන් වැඩය නිම කිරීමෙන් පසුව මුදල් ගෙවා නැති බවටයි. සැන් යාපෙන් අධ්‍යක්ෂවරයා රටින් බැහැරව යාමට සැරසෙද්දී ගුවන්තොටේදී අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
අධිකරණයට ඉදිරිපත් කළ ඔහු චීන ජාතිකයන් සිව්දෙනකුගේ ඇපකර මත මුදාහරිනු ලැබීය. සමාගමේ තවත් අධ්‍යක්ෂකවරයකුවන ෂෙන් වෙයි දැනටමත් චීනයට ගොස් ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. වැඩිදුර විභාගය අප්‍රේල් 2 වැනිදාට කල් තැබිණි.

