ගිනි කදු යනු පෘථිවි අභ්‍යන්තරයේ තාපය පිටතට පැමිණෙන ස්ථානයන්ය.පෘථිවි අභ්‍යන්තරයේ පවතින මේ තාප ප‍්‍රභවය හැදින්වෙනුයේ ‘‘භූ තාපය‘‘ ලෙසය.චිලී බළධාරීන්ගේ උත්සාහය කරන්නේ මෙසේ ගිනි කදු වලින් පිටතට පැමිණෙන තාපය යොදාගෙන ටර්බයින ක‍්‍රියා කරවා විදුලිය නිපදවා ගැනීමටයි.
මේ ආකාරයටම භූ තාපය යෙදාගෙන විදුලිය නිපදවා ගැනීමේ වැඩපිළිවෙලක් නවසීලන්තයේද කි‍්‍රයාත්මකය.ඒ සදහා ඔවුන් තාප මූලාශ‍්‍රය ලෙස භාවිතා කරනුයේ උණු දිය උල්පත්ය.ගිනි කදු සේම උණු දිය උල්පත්ද යනු භූතාපය පෘථිවිය මතුපිටට පැමිණෙන තවත් ක‍්‍රමයකි.නවසීලන්තය භූ තාපය ආධාරයෙන් විදුලිය නිපදවා ගැනීමට භාවිතා කරනා තාක්ෂණය තවදුරටත් වැඩිදියුණු කර සිය අරමුණ වෙනුවෙන් යොදා ගැනීමට චිලීයේ උත්සාහයයි.
ලොව ගිනි කදු වලින් සියයට 10 ක් ම පිහිටනුයේ චිලීයේය.දැනට චිලීයේ විදුලි බල අවශ්‍යතාව සපුරා ගැනීමට ඔවුනට යැපීමට සිදුව ඇත්තේ ඛනිජ තෙල් වැනි ආනයනයන් මතය.මේවාට අධික මුදලක් වැය කරීමටද සිදුවේ.මෙනිසා ස්වභාවධර්මයා දී ඇති ‘‘බලාගාර‘‘ යොදාගෙන විදුලිය නිපදවා ගැනීම ඔවුන්ගේ අරමුණවේ.