හොරණ මිල්ලනියේ සිට නාගදීපයට වන්දනාවේ ගිය වෑන් රියක් යාපනය චාවා කච්චේරියෙදී බසයක හැපී වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු මියගොස් බරපතල තුවාල ලැබූ තිදෙනෙක් යාපනය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
එම වෑන් රියේ ගමන් ගත පිරිස අතර එකම පවුලේ 10 දෙනකු සිටි බව ද පොලිසිය පවසයි.
ඔවුන්ගේ ඥාතීහු අද සවස යාපනය බලා පිටත් වූහ.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - රොමේෂ් මධුසංඛ










