නුවරඑළිය ලබුකැලේ ‘මැක්වුඩ්ස්‘ තේ කර්මාන්ත ශාලාවට ගිය බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරු ඔහුගේ 65 වැනි උපන් දිනය වෙනුවෙන් එහිදී විශේෂයෙන් සැකසූ කේක් ගෙඩියක් ද කැපුවේ ය.
එම කර්මාන්ත ශාලාවෙන් නිපදවන තේ වර්ගවල රස බැලීමටද අමතක නොකළ චාල්ස් කුමරු ඔහුගේ මුණුබුරු සිහිවීමට නිපද වූ ‘ප්‍රින්ස් ඔෆ් ජොර්ජ්‘ තේ වර්ගය ඉතා රසවත් බව පැවැසීය.
තේ දලු නෙළන කාන්තාවන්ගේ සුව දුක් විමසීමට චාල්ස් කුමරු තේ වතු යාය මැදට ගමන් කළේ එම කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති මෙන්ම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ද සමගිනි.
දළදා සමිඳු වැඳ පුදා ගැනීමට මහනුවරට ගිය චාල්ස් කුමරු දැක බලා ගැනීමට මහනුවර බාලිකා පාසල් කිහිපයකම දැරියෝ දළදා මාලිගාවේ වාහල්ගඩ ඉදිරිපිට රැස්වී සිටියහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)