චාල්ස් කුමරු එයි


බ්‍රිතාන්‍යයේ  ඔටුන්න හිමි චාල්ස් කුමරු අද සවස හතරයි විස්සට  බ්‍රිතාන්‍ය විශේෂ ගුවන්යානයකින්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ අංගනයෙන් දිවයිනට සැපත් විය.

චාල්ස් කුමාරු සමග කැමිලා පාකර් ආදිපාදවරියද  ශ‍්‍රී  ලංකාවට පැමිණි අතර  ඔවුන්  සමග 56 දෙනෙකුගෙන් යුතු රාජකීය දූත පිරිසක්ද දිවයිනට පැමිණි බව වාර්තා වෙයි.

දිවයිනට පැමිණි චාල්ස් කුමරුන්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදි  උඩරට නර්තන මැද  බෙර වයා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබිය.

කුමරු පිළිගැනිම ස‍දහා  සරත් අමුණුගම, නිමල් සිරිපාල, පවිත්‍රා වන්නි ආරච්චි, ප්‍රියංකර ජයරත්න, දිනේෂ් ගුණවර්ධන ඇතුළු  අමාත්‍යවරුන් රැසක්  ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණ සිටියහ.

අනතුරුව චාල්ස් කුමරු  විශේෂ අමුත්තන් අත්සන් තබන ස්වරණමය පුස්තකයෙහි අත්සන් තැබුවේය.  අනතුරුව කැමිලා පාකර් ආදිපාදවරියද සිය එහි අත්සන තැබුවාය. 

 1973 වර්ෂයේ සිට සියළු පොදුරද මඩොළු සමළුවලට සහභාගී වුයේ එළිසබත් මහ රැජිනය.  ඇය නැතිව පැවත්වෙන ප‍්‍රථම පොදු රද මඩුලු සමුළුව මෙය වෙයි.

 තෙදින නිල සංචාරයක්  සඳහා මෙරටට  පැමිණි  චාල්ස් කුමරු බ‍්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින් පොදු රද මඩුලු සමළුවට සහභාගී වන  අතර ඔහු ලබන 16 දා දක්වා මෙරට රැදී  සිටිමින්  වැඩසටහන්  රැසකට  සහභාගි වීමට නියමිතය.

චාල්ස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරිය   ශ‍්‍රී  ලංකාවේ රැදි  සිටින කාලය තුළ  මහනුවර සහ නුවරඑළියේ සංචාරයකිරීමට නියමිතය. ඊට අමතරව පොදු රාජ්‍ය  මණ්ඩලීය රාජ්‍ය  නායක සමුළුව සඳහා සහභාගිවන රාජ්‍ය  නායකයන් කිහිපදෙනකු සමග සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.

ඔවුන්  කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීමටද  කොළඹ  බ‍්‍රිතාන්‍ය  කවුන්සිලය වෙතද යාමටද නියමිතය.
 

මීට අමතරව කැමිලා පාකර් ආදිපාදවරිය කොළඹ පිහිටි මහජන පුස්තකාලයේ සංචාරය කරමින් ළමා පුස්තකාලයේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත අතර හෝම් ස්ටාර්ට් ලංකා සැටලයිට් මධ්‍යස්ථානය නිරීක්ෂණය කරමින් විශේෂ ළමා වැඩසටහනකටද සහභාගිවීමට නියමිතය.
 

ඇය   කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ගොස් නේවාසිකව ප‍්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් විමසීමට නියමිත බවද වාර්තා වේ.