චානුක රත්වත්තේ ඇතුළු පහට ඇප


රුපියල් බිලියන 4.2 ක මුදල් අවභාවිතා කළැයි  චෝදනාවට  රිමාන්ඩ් බාරයේ සිටි චානුක රත්වත්තේ ඇතුළු පස් දෙනාට ඇප දීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා  ජයරත්න මහත්මිය අද (21) නියෝග කළාය.

රුපියල්  ලක්ෂ 20 ශරීර  ඇප 3 ද රුපියල්  ලක්ෂ තුනක මුදල් ඇප ද චානුක රත්වත්තට  නියම විය.

දෙවැනි හා තෙවැනි සැකකරුවන් ට  රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප ද රුපියල් ලක්ෂ 15 බැගින්  ශරිර ඇප දෙකක් ද නියම විය.

සිව්වැනි හා පස්වැනි සැකකරුවනට  රුපියල්  ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල්  ලක්ෂ 10 බැගින් ශරීර  ඇප දෙකක් ද නියම විය.