චරිත දෙකක් රඟපෑ භික්ෂුව රිමාන්ඩ්


ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හැඳිනගත් තරුණියකට (18) පෙම් කළ බව කියන හිමි නමක (24) ගිහි වෙස් ගෙන සිටිය දී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

හිමි නමක වූ ඔහු ගිහියකු ලෙස තරුණිය හමුවී ඇති බවත්, අන් අයකු ලෙස පෙනී සිටීමේ චෝදනාව යටතේ එම පුද්ගලයා  අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

ඒ අනුව මාතලේ විල්ගමුවේ නවගත්තේගෙදර සමන් පුෂ්පකුමාර (24)  රිමාන්ඩ් බාරයට පත් විය.

මෙම සිද්ධිය හෙළිවීමෙන් පසුව එම හිමි නම සිවුරු හැර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

එම හිමි නම සිය සහෝදර හිමිනමකගේ පංසලකට ගොස් සාමාන්‍ය ඇඳුමින් සැරසී තරුණිය බලන්නට කිහිප වරක් ගොස් ඇතැයි ද, දෙදෙනාගේම ඡායාරූප ෆේස් බුක්හි පළවීමෙන් පසුව ආදර සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇතැයි ද පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.

සැකකරු භික්ෂුවක් බව දැන ගැනීමෙන් පසුව තරුණියගේ මව්පියන් කලබල වී ඇතැයි ද, ඉන්පසු ඔහු සිවුරුහැර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.