චමිල් - චලනි සභාපති කුසලාන කැරම් ශූරතා දිනති


ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 14 වැනි සභාපති කුසලාන කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව චමිල් කුරේ විසින් දිනාගන්නා ලදි. චලනි ලක්මාලි කාන්තා කේවල ශූරතාව දිනාගත්තාය. මෙම තරගාවලිය පසුගියදා මහරගමදී පැවැත්විණි.

ජාතික ශූරයකු වන චමිල් කුරේ පිරිමි කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී ලෝක කැරම් ශූරතාව දිනූ නිශාන්ත ප‍්‍රනාන්දු වට 2-1 ක් ලෙස පරාජය කරන ලදි. ලකුණු තත්ත්වය  (15/25, 25/17, 25/22) ක් ලෙසින් වාර්තා විය.

කාන්තා කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී චලනි ලක්මාලි විසින් වට 2-0 කින් (25/24, 25/10) ජෝශප් රොසීතා පරාජය කරන ලදි. විරාජ් ප‍්‍රනාන්දු සහ යෂිකා රාහුබද්ධ පිරිමි සහ කාන්තා කේවල ඉසව්වල තෙවැනි ස්ථානවලට පත්වූහ.

තරග ප‍්‍රතිඵල

  • පිරිමි කේවල

චමිල් කුරේ විසින් නිෂාන්ත ප‍්‍රනාන්දු පරාජය කරන ලදී (15/25, 25/17, 25/22)

  • කාන්තා කේවල

චලනි ලක්මාල් විසින් ජෝශප් රොසීතා පාරජය කරන ලදී (25/24, 25/10)

  • පිරිමි යුගළ

මනුක අෂේන් සහ මොහොමඞ් ශහීඞ් විසින් නිෂාන්ත ප‍්‍රනාන්දු සහ ළහිරු ඒෂාන් පරාජය කරන ලදී (25/21, 25/18)

  • කාන්තා යුගළ

ජෝශප් රොසීතා සහ මධුෂිකා කාංචනමාලා විසින් චලනි ලක්මාලි සහ අරෝෂා වික‍්‍රමසිංහ පරාජය කරන ලදී (25/05, 25/11)