ඉතාලියට ගිය ඇතැම් ලාංකිකයන්ගේ පාතාල වැඩ ගැන ආරක්ෂක අමාත්‍යංශයේ ඇස යොමුවීමත් සමග ඉතාලියේ එසැණ වාර්තාකරු චමින්ද මඩවලට එහි ලක් පාතාලයෙන් එල්ල වූ තර්ජන ගැන වහාම සොයා බලන බව රෝමයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයේ උප තානාපතිනි රානි බුලත් වෙල මහත්මිය කියන්නීය.
මඩවල මහතාට එල්ල කර ඇති තර්ජන නිදහස් මාධ්‍යයට එල්ල කළ බලවත් ප්‍රහාරයක් බවත්, එවැනි දේට ඉඩ දිය නොහැකි බවත් ඇය පවසන්නීය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසූයේ මේ ගැන ඉතාලි පොලීසියට පැමිණිලි කරන ලෙස මඩවලට උපදෙස් දුන් බවයි. එවැනි පැමිණිල්ලකින් පසුව ශ්‍රී ලංකාව පැත්තෙන් කළ හැකි හැම දෙයක්ම කරන බවත්, ඉතාලි ආරක්ෂක අංශ හා එක්වී ඉදිරි පියවර ගන්නා බවත් ඔහු කීවේය.
මෛත්‍රී විහාරාධිපති මැදිරිපිටියේ විමලරතන හිමියන් කියා සිටියේ තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් මේ ගැන සොයා බැලිය යුතු බවයි.
ඉතාලියේ සිටින සියලු ගුණගරුක හා හොඳ නරක හදුන ශ්‍රී ලාංකිකයන් එක්වී නිදහස් මාධ්‍ය රැක ගැනීමට ඉදිරිපත් විය යුතු බවටත්, තානාපති කාර්යාලයය ඊට සහාය දිය යුතු බවත් වෙරෝනා විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝ කීහ.