බස්නාහිර මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නගර 23ක සංවර්ධනය මේ මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
බණ්ඩාරගම, බොරැල්ල, පිළියන්දල, ජා ඇල, ගම්පහ, හෝමාගම, හොරණ, කඩුවෙල, කළුතර, කඩවත, මහර, ගොංගිතොට, උඩුපිල, මල්වතුහිරිපිටිය, එෙඬ්රමුල්ල, මහරගම, කොට්ටාව, මීරිගම, පානදුර, රාගම, වැල්ලම්පිටිය ආදී නගරවල සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 400ක් වැය කිරීමට යයි.
මාර්ග තදබදය අවම කිරීම වෙනුවෙන් අතුරු මාර්ග සංවර්ධනය, නගර කේන්ද්‍ර කරගනිමින් ඇති බස්නැවතුම්පළ හා වෙළඳපළ ආදිය මාර්ග තදබදය ඇති නොවන පරිදි සැලසුම් කිරීම, ආදිය මේ යෝජනා ක්‍රම අතර වෙයි.
මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද එම අමාත්‍යාංශ ආයතන නිලධරයෝද එහි වූහ.

