නව රජයේ පළමු හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (11) හම්බන්තොට දිස්ත්‍රීක්ක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නිවාස ඉදිකිරීම් අමැති සජිත් පේමදාස මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී චානක, නිහාල් ගලප්පත්ති යන මහත්වරුද, පළාත්සභා මන්ත්‍රීවරු සහ පළාත්පාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීහු සහභාගී වූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු සියළුම දේශපාලන පක්ෂවල සහාය මත කරගෙන යන හෙයින් රාජ්‍ය නිලධාරින් අවංකව සහාය දිය යුතු බව සම සභාපති දිලිප් වෙදආරච්චි මහතා කිය.
සජිත් පේමදාස මහතාගේ උපන් දිනය නිමිත්තෙන් තිස්සමහාරාම රෝහලේ භික්ෂු වාට්ටුව හදන්නට ඔහු කටයුතු කර තිබෙන බව සම සභාපති චමල් රාජපක්ෂ මහතා කීවේය. සම සභාපති දිලිප් වෙදආරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන මහත්වරු ද ඊට සතුට පළ කළහ.

